Menu2

         පෝටබල් ඇප් හදන හැටි

           

          ඇත්තටම පොටබල් ඇප් එකක් කියන්නේ මොකක්ද?
අපි ඒක ඉස්සෙල්ලම පැහැසිලි කර ගමු අපි බාවිතා කරන සෑම පරිගනක
  වැඩසටහනක්ම (software) පරිගනකයට අනිවාරයෙන්ම ඉන්ස්ටෝල්
කරගත යුතුය එසේ ඉන්ස්ටොල් කර ගත්තත් එම වැඩසටහන පයිල් එකක්  ආකාරයට වෙනත් පරිගනකයකට ගෙන ගොස් වැඩ කරන්නට බැරිය මේ සිමා දෙකම මග හැර ගොස් ඕනෑම මෘදුකාංගයක් ඕනෑම පරිගනකයකට ගෙන ගොස් වැඩ කල හැකි වැඩ සටහනක් බවට පත් කර ගන්නට ක්‍රමයක් තිබේ මේ ක්‍රරමය හදුන් වන්නේ වර්චුවල් පැනේජ් සැකසීම ලෙසය මේ විදියට යම් මෘදුකාංගයක වර්චුවල් පැකේජ් එකක් සකසා ගත් විට එය වෙනත් ඕනෑම පරිගනකයක් වෙත ගෙන ගොස් එහි ඉන්ස්ටෝල් කරන්නේ නැතිව ක්‍රියාත්මක කරවන්නට පුලුවන එවිට එම මෘදුකාංගය පෝටබල් ඇප්ලිකේෂන් එකක් හෙවත් පෝටබල් ඇප් එකකි ඉතින් මේ විදියට පෝටබල් ඇප් හදන්නේ කොහොමද ඉස්සෙල්ලම පහල තින ඩවුන්ලොඩ් බටන් එක ක්ලික් කරල cameyo නිල වෙබ් අඩවියට පිවිස මෙ‍ම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න 


              

  මෙම මෘදුකාංගයේ සෙටප් පයිල් එක වෙනත් සෙටප් පයිල් මෙන් පරිගනකයට ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ නැහැ එම සෙටප් පයිල් එක මත මවුසය ඩබල් ක්ලික් කල විට එය ක්‍රියාත්මක වෙයි 

   වර්චුවල් පැකේජ් එකක් සැකසීම

‍ඒ සදහා cameyo සෙටප් පයිල් එක මත ඩබල් ක්ලික් කරන්න එවිට ඩෙස්ක්ටොප් එකෙහි පහල දකුනු කෙලවරෙහි Packager නැමැති ඩයලොග් බොක්ස් එකක් මතු වෙයි මෙමගින් කෙරෙන්නේ දැනට මෙහෙයුම් පද්දතියේ ඉන්ස්ටෝල් කර ඇති වැඩසටහන් පිලිබදවත් අලුත් වැඩසටහනක් ඉන්ස්ටෝල් කරන විට වෙනස් වන සැකසුම් පිලිබදවත් සටහනක් තබා ගැනීමයි මෙම පරික්ෂාව කිරිමට ටික වෙලාවක් ගතව නිසා එතෙක් අලුත් වැඩසටහන් ඉන්ස්ටෝල් කර නොගත යුතුය  මෙම පරික්ෂාව අවසන් වු පසු විවෘර්ත වෙන්නේ Install the software you wish to package ලෙස සටහන්‍ බොක්ස් එකයි අපට අවශ්‍ය මෘදුකාංගයේ වර්චුවල් පැකේජ් එක සැකසිය යුත්තේ දැන්ය මේ සදහා කල යුත්තේ අවශ්‍ය මෘදුකාංගයේ සෙටප් පයිල් එක මත ඩබල් ක්ලික් කිරීමයි ඉන් පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු  Install the software you wish to package ලෙස සටහන්බොක්ස් එක තුල ඇති Install done නමැති බටන් එක ක්ලික් කල යුතුය මෙවිට නැවතත් packager ඩයලොග් බොක්ස් එක ක්‍රියාත්මක වෙයි එමගින් අලුත් මෘදුකාංගයට සහ පරිගනකයට අදාල වෙනස් වීම් සහ අලුත් සැකසුම් වලට අදාල දත්ත තබා ගෙන වර්චුවල් පැකේජ් එක ඉබේම නර්මානය වෙයි සැකසුනු වර්චුවල් පැකේජ් එක පරිගනකයේ Documents පෝල්ඩරය තුල ඇති Cameyo apps පෝල්ඩර් එකයි